පසුගිය දා වේයන්ගොඩ දී ධාවනය වෙමින් පැවති දුම්රියකින් බැසීමට තැත්කිරීමේ දී පාපුවරුවෙන් බිමට වැටීමෙන් දුම්රිය මගියකුගේ දෙපා සිරුරෙන් වෙන්වූ අතර පසුව අවාසනාවත්න ලෙස මිය ගියේය. මහත් ආන්දෝලනයක් ගෙන දුන් මෙම සිදුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සෘජුවම වගකිවයුතු බව මාධ්‍ය මගින් පුලුල් ලෙස ප්‍රචාරය කරන ලද අතර ඒ මතවාදය සමාජගතවී දුම්රිය දෙපාර්තමේන්තුවට ඇගිල්ල දිගුවන්නට විය. සැබවින්ම මෙම අනතුරට වගකිවයුත්තේ කවුරුන්ද? වරද කර ඇත්තේ කවුරුන්ද? අනතුරට ලක්වූ මගියාද? දුම්රිය දෙපාර්තමේන්තුවද?
මෙහි දැක්වෙන්නේ 1902 දී නිකුත් කර, 1951 වසරේ දී නැවත මුද්‍රණය කරන ලද දුම්රිය ධාවනය සම්බන්ධව විවිධ නීතිමය කරුණු සහ වගන්ති ඇතුලත් ලේඛණ අතරින් වැදගත් ලේඛණයක් වන දුම්රිය ආඥාපනතෙහි කොටසකි. එහි සදහන්වන අංක 09 දරණ වගන්තිය දෙස බලන්න. එම වගන්තියට අනුව ධාවනය වන දුම්රියකට නැගීම /නැගීමට තැත්කිරීම /නැගීමට සහය වීම හෝ ධාවනය වන දුම්රියකින් බැසීම/ බැසීමට තැත්කිරීම/ හෝ ඊට සහාය දැක්වීම හෝ පාපුවරුවේ ගමන්කිරීම හෝ මගීන් සදහා වෙන්කොට නොමැති වෙනත් ඕනෑම ස්ථානයක ගමන්කිරීම යන මෙම කරුණු කිසියම් කෙනෙක් හෝ පිරිසක් විසින් සිදුකිරීම නීතියෙන් දඩුවම් ලැබිය යුතු වරදකි.
මෙම සිදුවීමට උධෘත වූ මගියා දුම්රිය ආඥාපනතේ 9 වන වගන්තියෙහි සදහන්කොට ඇති පාපුවරුවේ ගමන්කිරීම සහ ධාවනය වන දුම්රියෙන් බැසීමට තැත්කිරීම යන වරදවල් දෙකම සිදුකර ඇත. ඒ අනුව ඔහු මෙම අනතුරින් මරණයට පත්නොවී ජීවත්ව සිටියානම් නීත්‍යානුකූලව දඩුවම් පැමිණවිය හැකි අතර දුම්රිය ආඥාපනත උල්ලංඝණය කිරීමේන් අනතුරට ලක්ව මියගොස් ඇති බැවින් මෙම මරණය සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වගකිවයුතුද නොවේ.කෙසේ වුවද මෙම අනතුරට හේතුවූවායයි පවසන්නේ දුම්රිය පාපුවරුවක ඇණ නිසිපරිදි සවිකර නොමැති වීම යයි අදාල මාධ්‍ය හුවාදැක්වූ තවත් කරුණකි. ඕනෑම වාහනයක් කොටස් ධාවනය වන අතරතුර කම්පනය ගැස්සීම් සහ වෙනත් හේතු මත ගැලවීයාමට හෝ කැඩී බිදී යාමට ඉඩ තිබේ. එය ගොං කරත්තයකට මෙන්ම දුම්රියකටද එකසේ අදාලය. දුම්රිය නවත්වන නවත්වන වාරයක් පාසා එහි ඇති සෑම ඇණයක්ම සහ නට්එකක්ම බුරුල්වී හෝ ගැලවී ඇත්දැයි විපරම් කිරීම ප්‍රායෝගිකව සිදුකල හැකි කාර්යක් නොවේ.ගමනාරම්භයේ දී හොදින් තිබෙන ඇණ නට් පවා අතරවාරයේ දී ගැලවී යන අවස්ථා ඇත. මහපාරේ නම් වාහනවල රෝද පවා ගැලවීගොස් ඇති අවස්ථා ගැනද ඇතැම්විට අප අසා ඇත්තෙමු. පාපුවරුවක් වැනි කොටසක එවැනි යම් දුබලතාවයක් තිබෙන්නේ නම් එයද හෙලිදරව් වන්නේ එම කොටස පාවිච්චි කර නැගීමේ දී හෝ බැසීමේ දීමය. කෙසේ වෙතත් දුම්රිය වේදිකාවේ නතර කල පසු එවැනි පාපුවරුවකින් බැසීමට තැත්කර පාපුවරුව කැඩීගියහොත් බිමට වැටී තුවාල විය හැකි මුත් දෙපා සිරුරින් වෙන්ව කැපීයන තරමට අනතුරක් කිසිවිටකවත් නොවන්නේය.
කැඩීගිය මෙම පාපුවරුව යලි අලුත්වැඩියා කිරීමද මහා වංචාවක් සහ වරදක් ලෙස මාධ්‍ය හුවාදක්වතත් යළිත් අනතුරක් වීම වලක්වා ගැනීම පිණිස එම අලුත්වැඩියාව සිදුකරන ලද බව පිළිනොගනී. දුම්රිය යනු මහා මාර්ගයේ නීති රීති වලට අනුකූලව ධාවනය වන වාහනයක් නොවේ. දුම්රිය සදහා වෙනම නීති රීති මාලාවක් ඇත.එය භාවිතා කරන්නන් සහ හසුරවන්නන් සියල්ලෝම එම නීති රීති මාලාව අනුගමනය කිරීමට බැදී සිටිති. දුම්රිය ආඥාපනත ඉන් එක් ප්‍රකාශනයක් පමණකි. තවත් බොහෝ එවැනි නීති රෙගුලාසි දුම්රිය ධාවනය හා එහි ගමන්කිරීම සම්බන්ධව පනවා ඇත. මාධ්‍යකරුවන් කයිවාරු ගැසීමට හා සමාජය ගිනිතබන්නට පෙර ඒවා කියවා තිබීම වැදගත් ය. එවිට දුම්රිය යනු ප්‍රයිවට් බස් එකකට වඩා බොහෝ වෙනස් බවද මාධ්‍ය කරුවන් වෙත අවබෝධවනු ඇත.