Dec 23, 2011

නව පළමු පෙළ

පළමු පෙළ දුම්රිය ස්ථානාධිපතිවරුන් ලෙස පත්වීම් ලබා, ස්ථාන භාර නිලධාරීන් ලෙස ලබන වසරේ දී දුම්රිය ස්ථාන භාරගන්නා අපගේ සහෝදර දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවක් ලබා දීමට නොහැකි වීම පිළිබඳව සංගමයේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු. අධ්‍යාපන කමිටුව මේ සඳහා යෝජනාවලියක් ගෙන ආ නමුත් සංගමයේ මුල්‍ය තත්වය යහපත් නොවන නිසා එය කල් දැමීමට සිදුවිය. කෙසේ නමුත් ඉදිරියේ දී ඔබ සියලු දෙනා වෙනුවෙන් එම අවස්ථාව ලබා දීමට සංගමය කටයුතු කරනු ඇත. එය two days out camp එකක් ලෙස කිරීමට සංගමය බලාපොරොත්තු වේ.

Dec 19, 2011

STATION MASTERS INTERVIEW

දුම්රිය ස්ථනාධිපති ලිඛිත පරීක්ෂණයෙන් සමත්ව සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් සියලු දෙනාට අපගේ සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් සම්මුඛ පරීක්ෂණය සඳහා ලිපි ලද සියලුදෙනාම බඳවා ගැනීමට කටයුතු කෙරෙනු ඇත. එහිදී වෙනත් ප්‍රශ්න ඇසීමක් සිදු නොවන අතර සහතික පත් පරීක්ෂාව පමණක් සිදු කෙරේ. ඉල්ලා ඇති සහතික සහ පිටපත් නිසි ලෙස සහතික කර ගෙන දන්වා ඇති වේලාවට පෙර (සුදු හෝ ලා පැහැති අත් දිග කමිසයකින් සැරසී) මරදාන ටෙක්නිකල් හන්දිය අසල ඇති දුම්රිය මූලස්ථානයට පැමිණෙන්න. අවශ්‍ය නම් අපගේ දුරකථන අංක අමතන්න.

Dec 17, 2011

නව පත්වීම්

මෙම වසරේ පවත්වන ලද දු.ස්ථා. විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලදී. ඒ අනුව අපේක්ෂකයින් 166ක් මුල් වටය සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට නියමිතව ඇත. සම්මුඛ පරීක්ෂණ 12/23 දින සිට 12/30 දක්වා පවැත් වේ.